Monday, November 21, 2011

විරහව

මන් බිඳුණු සමනළියකගේ 
ලසොවක් ළය පුරාම පැතිරිලා 
ඔබට ආදරය කරන්නත් පෙරාතුවම .....

සෙනෙහස

සමිඳුනේ ඔබේ නියමය 
අත්හරින්න කිවූ ඒ බණ
කොතරම් වෙර දැරුවත් බැහැ    
අත්හරින්න මේ සෙනෙහස 

නෙතක කඳුළු රැලි නංවයි
සිතක සුසුම් දොරේ ගලයි
එනමුදු මුව රැඳී මදහස 
මගේ දුක සැමගෙන් සැඟවයි 

අභිසරු මව

( නිමිත්ත - ගාලු කොටු මුව දොර අභියස පිලිස්සී ගිය බිලිඳු මල සිරුරක් බදා හඞා වැටෙන මවක් )
මගේ පුතේ සමාවෙයන් 
නුඹ ලගින් නොසිටියට
වියළී ගිය තන පුඩුවේ 
නුඹට දෙන්න කිරි තිබුනේ නෑ
උදේට වත් කිරි උගුරක් දෙන්න 
මම ගියා විකිනෙන්න 
සොච්චමකට අමාරුවෙන් අල්ල ගත්ත 
මිනිහෙක් සමඟ හෙට්ටු වෙලා 
අනේ මං එනකොට
නුඹ සමු අරන් නොකියාම ....
කළුවරට පුංචි පුතු බය වෙයි කියලයි
කුප්පි ලාම්පුව පත්තු කරලා ගියේ 
දෙවියන්ට මගේ පුතු බාරදීලයි  ගියේ
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් හිටියාට
අනේ උන් බැලුවේ නෑ මගේ පැටියා දිහා   

Sunday, November 20, 2011

ගිරවුනේ අසාපන් පෙම් කවිය මා ලියු

ගිරවුනේ අසාපන් පෙම් කවිය මා ලිවූ 


පද අරුත් විමසලා
එළිසමය ගැටගසා 
සොඳුරු තනුවක් යොදා 
ජීවිතේ පුරාවට ගයන්නට පෙම් පිරු 

ගිරවුනේ අසාපන් පෙම් කවිය මා ලියු 

පද මිහිරි නැතිවිනිද ?
එළිසමය  වැරදිනිද ?
තනුව සිත් නොගත්තේද ?
එක්ව ගයන්නට ඔහුට සිත් නොදුන්නිද ?

ගිරවුනේ අසාපන් පෙම් කවිය මා ලියු